ඇය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික් තුනක පරිපාලන කටයුතු විමසිය යුතුය. මධ්‍යම පළාත් සභාවේ මහ පුටු කිහිපයක් ඇති අතර, එහි ඉහළින්ම ඇති ලේකම් ධුරය දරන කාන්තාවක ලෙස කුමුදු කරුණාරත්න මහත්මිය ජනතාවගේ ආදරය දිනාගත් කාන්තාවකි. දෙස් විදෙස් විශ්වවිද්‍යාල ගණනාවක උපාධි සහ පශ්චාත් උපාධි ලබා ඇති ඇය ලංකාවේ විවිධ වෘත්තීන් කිහිපයක නිරතව මනා පරිචයක් ලබා ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියකි.
“මගේ නම කුමුදු වීරසේකර කරුණාරත්න. ගලගෙදර සුන්දර ගම්මානයක ඉපදුණු මම මූලික අධ්‍යාපනය ලැබුවේ ගලෙගදර සුජාතා බාලිකා විද්‍යාලයෙන්. හයවැනි පන්තියේ සිට නුගවෙල බාලිකා සහ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. පාසල් අධ්‍යාපනයේ යෙදීමේදී අසූව දශකය මට සුවිශේෂී වූ කාල පරිච්ඡේදයක්. විවාද කණ්ඩායමේ නායිකාව හැටියට කටයුතු කළා. මට හොඳ කථිකත්වයක් තිබුණා. ඒ නිසාම සමස්ත ලංකා කථික තරගවලටත් සහභාගි වුණා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව හැටියටත් පත්වුණා. දැනුම මිනුම තරගවලට සහභාගි වුණා. අදටත් මම එවැනි හැම වැඩසටහනක්ම බලනවා. ඒ කාලෙ පාසලේ විනීතම ශිෂ්‍යාව හැටියටත් තේරුණා. නෙට් බෝල්වලට දක්ෂයි. වාණිජ අංශයෙන් උසස් පෙළ තෝරා ගත්තා. විශිෂ්ට ප්‍රතිඵල ලැබුවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිඵල ආවා. ගෞරව සාමාර්ථයක් ලැබුණා. 1992දී කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් බලතල විමධ්‍යගතකරණය පිළිබඳ පශ්චාත් උපාධිය කළා. මම උපාධිය සමත් වීමෙන් අනතුරුව කොලොන්යාය කනිෂ්ඨ විද්‍යාලයේ වාණිජ සහ ඉංග්‍රීසි ගුරිවරියක ලෙස සාමාන්‍ය පෙළ දක්වා සිසුන්ට ඉගැන්වීම කළා. ඒක රසවත් අත්දැකීමක්. එම පාසලෙන් පළමු වරට රජයේ සේවයට එක්වන්නේ මගේ ශිෂ්‍යයෙක්. ඒ නිසා ඒ වෘත්තිය මට අමතක නොවන සිහිවටනයක්. මැඩම් කළ උදව්වට මම ස්තූති කරනවා කියලා ඒ ශිෂ්‍යයා මට ලියුමකුත් එවලා තිබුණා. අපේ එතැන ගුරු මණ්ඩලයේ ඒ දවස්වල උපාධිධාරී ගුරුවරු එතැනින් මොරයාය විද්‍යාලයට මාරුවක් ලැබුණා. දුෂ්කර සේවය ඉවර වුණා. එයින් පස්සෙ ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලයට මාරුවක් ලැබුණා. මම උගන්වපු වාණිජ, ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව වගේ විෂයන්ට දරුවන් සියයට සියයක් හොඳ ප්‍රතිඵල ලබාගෙන තිබුණා. එය මා ගුරු වෘත්තියේ ලබපු තවත් ජයග්‍රහණයක්.
බැංකු කළමනාකරණ විභාගයට පෙනී හිටියා. ඒ එක්කම රාජ්‍ය පරිපාලන විභාගයටත් කැඳවූවා. එයටත් පෙනී හිටියා. 1990 දී මේ දෙකෙන්ම සමත් වුණා. මම රාජ්‍ය පරිපාලනයට එකතු වුණා. ඒ කාලෙ ප්‍රාදේශීය ලේකම් කියන තනතුරට කිව්වෙ ඩීආර්ඕ කියලයි. ඒ කියන්නේ ප්‍රාදේශීය ආදායම් නිලධාරී කියලයි. පත්වීම භාරගෙන වාරියපොළ වැඩ බැලීම කරනවා. මම 1991 දී රාජ්‍ය පරිපාලන සේවයට ඇතුළත් වුණා. තුම්පනේ ප්‍රාදේශීය සභාවේ ලේකම් හැටියට කටයුතු කළා. මට දකුණු පළාතේ බෙන්තොට සහකාර ප්‍රාදේශීය ලේකම් හැටියටත් අවස්ථාවක් ලැබුණා. එතැනත් විවිධත්වයක් ලැබුණා. විවාහයෙන් පස්සේ කිරිඳිවැල ප්‍රාදේශීය ලේකම් හැටියට ගියා. පසුව ගඟවට කෝරළයේ ප්‍රාදේශීය ලේකම් හැටියට පත්වී ආවා. 2001 විතර පන්විල ප්‍රාදේශීය ලේකම් හැටියට වැඩ භාර ගත්තා. සරත් අමුණුගම මහතා මට ගලගෙදරට කතා කළා. මගේ උපන් ගම නිසා මමත් කැමැත්තෙන් ආවා. එහි ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරි කටයුතු භාර ගත්තා. එහෙම ඉන්නකොට 2011 වර්ෂයේදී අතිරේක දිසාපති ලෙස උසස්වීමක් ලැබුණා.
මහනුවර වැඩ බැලුවා. දිසාපති තනතුරට කැමතියි. ඒත් කාන්තාවකට මහනුවර දිස්ත්‍රික්කයේ එම තනතුර ලබාගැනීමට පැරණි සහ පවතින අණපනත් නිසා ඒ අවස්ථාව ලැබුණේ නැහැ. 2013 වර්ෂයේදී රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් බවට පත්වුණා. 2014 වර්ෂයේ ජනවාරියේදී මම ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, කර්මාන්ත, පේෂකර්ම, සමුපකාර කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බවට පත්වුණා. අංශ ගණනාවක්. කාර්යබහුලයි.
ඒත් අත්දැකීම්, පළපුරුද්ද සහ කණ්ඩායම සමඟ කටයුතු කිරීමේ දක්ෂතාව හේතුවෙන් සතුටින් එය කළා. ඔය අතර 2019 දෙසැම්බර් මාසයේදී ප්‍රධාන ලේකම් හැටියට මෙතැනට පත්වුණා. අභියෝග රැසක් වුණත් ඒවා මට ප්‍රශ්නයක් නෙවෙයි. මේ හැම ක්ෂේත්රයකම පළපුරුද්ද මට තියෙනවා. මට කාන්තා සංවිධාන එකමුතුවක් විසින් ශ්‍රී විභුෂණ %දේශමාන්‍ය ලංකා භූමි පුත්‍ර^ සම්මානය පිරිනමනු ලැබුවා. ඒක මට කළ ඇගැයීමක්.
රාජකාරියේදී එක තැනක නැහැ. නුවර, මාතලේ, නුවරඑළිය හැමතැනම යන්න ඕන. කාර්යමණ්ඩලය වගේම ආණ්ඩුකාරතුමන්ලා, මහඇමතිතුමන්ලා, දේශපාලන නායකත්වය, පක්ෂ භේදයෙන් තොරව මගේ කටයුතුවලදී අවශ්‍ය සහයෝගය ලබාදෙනවා.
මේ වනවිට මම රාජ්‍ය සේවයේ අවුරුදු තිස්හතරක් සම්පූර්ණ කරලා. මම කවදාවත් රස්නෙට දවල් කෑම එක කාලා නැහැ. ඒ තරමට කාර්යබහුලයි. අදටත් මම කාගෙන්වත් අල්ලසක් අරගෙන නැහැ. හොර වැඩ කරලත් නැහැ. මම බෞද්ධ දර්ශනය ජීවිතයේ පරමාදර්ශය බවට අදහන කෙනෙක්.
අද බොහෝ දෙනා රැකියාව ලැබුණු ගමන් ඉහළ තනතුරු හොයනවා. නමුත් තමන්ට සුදුසු වෘත්තීය දැනුම දියුණු කරගත්තාම සුදුසුකම් තියෙනවා නම් ඒ තනතුරු තමන් හොයාගෙන එයි. මම විවාහවෙලා ඉන්නේ සිවිල් ඉංජිනේරුවරයෙකු වන සරත් කුමාර මහත්මයා සමග. පුතා හරිත ධර්මරාජ විද්‍යාලයෙන් භෞතික විද්‍යාව අංශයෙන් ඉගෙන ගත්තා. පස්සේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය කළා. ජීවිතය දෙස ආපසු බලනවිට පුදුම සතුටක් තියෙන්නේ. මගේ රියදුරු මහත්තයාට පවා මම සලකන්නේ දරුවෙක් විදිහට.
සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර